skip to main |
skip to sidebar

- සාමාජිකයින් විසින් යම් මාතෘකාවක් යටතේ සම්පූර්ණ තොරතුරු/විස්තරයක් ඇතුළත් ලිපි පල කිරීම සඳහා පමණක් Docs භාවිතා කළ යුතුය.
- ඩොක් එකක් සැකසීම සඳහා https://www.facebook.com/groups/pariganakaudau/docs/ වෙත පිවිස Create a Dock මත ක්ලික් කරන්න.
- වෙනත් තැන් වලින් උපුටාගත් ලිපි පල කිරීමේදී මූලාශ්‍ර සහ ආශ්‍රිත ලිපි සඳහා වන Links Doc එක අවසානයේ හෝ ආරම්භයේදී සඳහන් කළ යුතුය.
- ගැටලු යොමුකිරීම සඳහා කිසිසේත්ම Docs භාවිතා නොකළ යුතුය. එවැනි අවස්ථාවකදී එම Docs ඉවත් කෙරෙනු ඇත.
- විස්තරයකින් කොටසක් සමග සම්පූර්ණ විස්තරය කියවීමට වෙනත් වෙබ් අඩවියක හෝ බ්ලොග් අඩවියක ලින්ක් එකක් දැමීමේදී සහ ඉතා කෙටි තොරතුරු (සමග Tricks, Tips යනාදිය) පල කිරීම සඳහා Docs භාවිතා නොකළ යුතුය. ඒ සඳහා ඉහත අංක 03හි සඳහන් කරුණු වලට යටත්ව Posts පාවිච්චි කළ යුතුය.
- මුදල් උපයාගැනීමේ අරමුණින් Reference Links සහිතව හෝ රහිතව පල කරන ඩොක් (පෝස්ට් සහ අනෙකුත් පලකිරීම් මාදිලි වලටද අදාල වේ) දැනුම්දීමක් ඇතිව හෝ නැතිව ඉවත්කිරීමේ බලය ඇඩ්මින්වරුන් සතුය.
- වෙනත් අයෙකු විසින් ලියන ලද Doc එකක් විකෘති කිරීමේ අදහසින් කිසිදු වෙනස් කිරීමක් නොකළ යුතුය. එසේ වෙනස් කරන තැනැත්තා හට සමූහයේ සාමාජිකත්වය ස්ථිර තහනමකට ලක් කෙරෙනු ඇත.
- සාමාජිකයෙකු විසින් පල කරන Doc එකක් පිළිබඳ “පූර්ණ වගකීම“ එම සාමාජිකයා සතුවේ.
- සමූහයේ ක්‍රමවත් භාවයට හානියක් වන ඕනෑම Doc එකක් ඇඩ්මින් මඬුල්ලේ සාමූහික තීරණයකට අනුව ඉවත් කිරීම සඳහා ඇඩ්මින් මඬුල්ල සතු “පූර්ණ හිමිකම“ අභියෝගයට ලක් කළ නොහැකිවේ.