1. හැඳින්වීම

පහත සඳහන් වනුයේ පරිගණක උදවු සාමාජිකයෙකු ලෙස ඔබගේ අවධානය යොමු විය යුතු අංශ පිළිබඳ මාර්ග නිර්දේශයන් වේ.

එක් එක් කරුණු පිළිබඳව සාමාජිකයින් සියලු දෙනාටම පුද්ගලිකව දැනුම්දීමේ හැකියාවක් නොමැති හෙයින් පහත සඳහන් කරුණු කෙරෙහි ඔබේ අවධානය යොමුකොට ඒ අනුව කටයුතු කිරීමෙන් ඇතිවිය හැකි අපහසුතාවයන් වළකාගැනීමටත්, ස්වයං විනයක් ඇතිකරගැනීමටත් කාරුණික වන්න.

පහත සඳහන් පිළිගත හැකි හැසිරීම් කඩවන ඕනෑම අවස්ථාවකදී, එවැනි සාමාජිකයින් සමූහය තුළ රඳවාගැනීම ඉවත්කිරීම හෝ සාමාජිකත්වය තහනම් කිරීම පිළිබඳව තීරණ ගැනීම සඳහා පරිගණක උදවු ඇඩ්මින් මඬුල්ල සතු “පූර්ණ හිමිකම“ අභියෝගයට ලක් කළ නොහැක.

සියලුම පරිගණක උදවු සාමාජිකයින් විසින් සමූහයේ සාමාජිකත්වය ලබාගැනීම/ ලැබීම සමඟ ඔවුන් පහත මාර්ග නිර්දේශ මාලාවේ අන්තර්ගත සියලුම කරුණු පිළිපැදීමට එකඟවන බවට උපකල්පනය කෙරේ.


  
 පරිගණක උදවු ගැන කෙටි හැඳින්වීමක්

  • පරිගණක උදවු යනු ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ ඇති විවෘත සමූහයකි (Open Group). 
  • මෙය ආරම්භ වූයේ 2011 මාර්තු මස 15 වැනි දින ය. 
  • පරිගණක උදවු හි මූලික අරමුණ පරිගණක දෘඪාංග සහ මෘදුකාංග භාවිතයේදී ඇති වන ගැටලු වලට පිළිතුරු ලබාදීම සහ ඒ ආශ්‍රිත දැනුම හුවමාරු කරගැනීමය.
  • මෙම Link එක භාවිතා කොට පරිගණක උදවු වෙත පැමිණිය හැක:  http://www.facebook.com/groups/pariganakaudau
  • පරිගණක උදවු පරිපාලක මඬුල්ල සඳහා පහත සබැඳිය වෙත පිවිසෙන්න.: https://www.facebook.com/groups/pariganakaudau/admins 
  • පරිගණක උදවු නිල රසික පිටුව වෙත පිවිසීමට පහත සබැඳිය භාවිතා කරන්න. https://www.facebook.com/pariganakaudavu
  • පරිගණක උදවු ඩොක් එකතුව (BLOG)වෙත පිවිසීම සඳහා මෙම සබැඳිය භාවිතා කරන්න. http://www.pariganakaudavu.blogspot.com

  • පරිගණක උදවු මේ වර්ගයේ Facebook සමූහ අතර පුරෝගාමීත්වයක් උසුලන්නේ පහත හේතු නිසාය.
  1. සාමාජිකයින් අතර පවතින සුහද ආමන්ත්‍රණය
  2. සාමාජිකයින් සතු මනා විනය
  3. සාමාජිකයින් තුළ ඇති එකිනෙකාට උදවු කිරීමේ ආකල්පය
  4. සමූහය කෙරෙහි යුතුකම් ඉටුකිරීම සහ සමූහයට ඇති පක්ෂපාතී බව හා එකමුතුකම
  5. නව්‍යකරණය

  • මෙම වටිනාකම් රැක ගනිමින් පරිගණක උදවු මූලික අරමුණ ඉටු කරගැනීම සඳහා හැමවිටම ඔබේ සහයෝගය ඉතා අගය කොට සලකමු .

2. සාමාජිකයින් බඳවා ගැනීම



 

  1. පරිගණක උදවු සාමාජිකයින් හට තමන්ගේ මිතුරු මිතුරියන් පරිගණක උදවු සමූහයට එක් කර ගැනීමේ හැකියාව ඇත. එහිදී පරිගණක උදවු සමූහයෙන් ඔවුන්ට සේවාවක් ඉටු වන්නේද නැද්ද යන්න පිළිබඳව සලකා බැලිය යුතුය. (උදාහරණයක් ලෙස ශ්‍රී ලාංකික නොවන විදේශික සාමාජිකයෙකුට පරිගණක උදවු තුළ භාෂාමය ගැටලු ඇත්නම් මෙම සමූහයෙන් ඍජු සේවාවක් නොලැබී යා හැක).
  2. ඕනෑම Facebook සාමාජිකයෙකුට Request එකක් මගින් පරිගණක උදවු සමූහයට එකතු විය හැක. මෙහිදී මෙම ඉල්ලීම් අනුමත කිරීම් සාමාජිකයින් විසින්ම සිදු කිරීමට අවස්ථාව සලසා දෙනු ලැබේ. විශේෂ අවස්ථාවලදී පමණක් සමූහයට සාමාජිකයින් එකතු කිරීම Admin මිතුරු මිතුරියන්ගේ අනුදැනුම ඇතිව සිදුවනු ඇත. එවන් අවස්ථාවලදී සාමාජිකයින් ඇතුළත් කරගැනීමට හෝ ඇතුළත් කර නොගැනීමට පරිගණක උදවු ඇඩ්මින් මඬුල්ල සතු “පූර්ණ හිමිකම“ අභියෝගයට ලක් කළ නොහැකිවේ.
  3. සාමාජිකයින් කීපදෙනෙකු එකවර එකතු කිරීම සඳහා,  https://www.facebook.com/groups/pariganakaudau/members/ වෙත පිවිස Add Friends මත ක්ලික් කොට මතුවන වින්ඩෝවේ ඔබේ මිතුරන්ගේ නම් ඇතුළත් කරන්න.
  •  (සාමාජිකයින් එකතු කිරීම මෙම සමූහයෙන් ඔබේ මිතුරු මිතුරියන්ට සිදුවිය හැකි සේවය ගැන සලකා බලා ඔබ තුළින්ම ජනිත වන සිතුවිල්ලකින් සිදුවීම අප ඉතා වටිනා දෙයක් කොට සලකන බැවින් සාමාජික සංඛ්‍යාව වැඩි කරන ලෙස Admin මිතුරු මිතුරියන් විසින් කිසිදු අයුරකින් ඔබ වෙත කිසිදු බලපෑමක් හෝ ඉල්ලීමක් නොකරන බවට සහතික වෙමු).

3. Wall Posts


 
  1. සාමාජිකයෙකුට තම ගැටලු ඉදිරිපත් කිරීම සඳහා Wall Posts භාවිතා කළ හැක. එහිදී ගැටලුව ඍජුව, සංක්ෂිප්තව, හොඳින් වැටහෙන අයුරින් ඉදිරිපත් කළ යුතුය.
  2. සාමාජිකයෙකුට යම් වෙබ් අඩවියක හෝ බ්ලොග් අඩවියක ඇති තොරතුරු අනෙකුත් සාමාජිකයින් සමග බෙදා හදා ගැනීම සඳහා Wall Posts භාවිතා කළ හැක. මෙහිදී අදාල වෙබ්/බ්ලොග් අඩවියේ ඇති එම තොරතුර පිළිබඳ කෙටි විස්තරයක් සහිතව Link එක යෙදිය හැක.
  3. සාමාජිකයින් විසින් තාක්ෂණික නොවන වෙබ් අඩවි, බ්ලොග් අඩවි යනාදිය සහ Fan Pages, Groups, Profiles හා සමූහයේ අරමුණින් බැහැර කිසිදු දෙයක් Post නොකළ යුතුය.
  4. සාමාජිකයින් විසින් කිසිදු විටකත් ප්‍රචාරණය සහ ප්‍රසිද්ධිය ලබාගැනීමේ අරමුණින් (Like, Share, Advertising etc.) Post නොකළ යුතුය.
  5. Post යන්නට Photo, Video, Link, Doc සහ Eventsද ඇතුළත් වේ.
  6. වෙළඳ දැන්වීම් පළ නොකළ යුතුය. 
  7. පුද්ලික දුරකථන අංක යනාදිය පළ නොකළ යුතුය.
  8. පරිගණක උදවු සමූහය තුළ පූජ්‍ය පක්ෂය, බාල - තරුණ - වැඩිහිටි සියලුම වයස් කාණ්ඩ නියෝජනය වන බැවින් කුමන හෝ දෙයක් පල කිරීමේදී වුවද සුහද, විනයගරුක, සභාවකට උචිත භාෂා රටාවක් භාවිතා කිරීමට සාමාජිකයින් විසින් සෑම විටම වග බලා ගත යුතුය. (සුහද ආමන්ත්‍රණය “පරිගණක උදවු“ තුළ විශේෂයෙන් රැකගත යුතු වටිනාකමකි).
  9. සාමාජිකයෙකු විසින් කරන Post කිරීමක් පිළිබඳ “පූර්ණ වගකීම“ එම සාමාජිකයා සතුවේ.
  10. සමූහයේ ක්‍රමවත් භාවයට හානියක් වන ඕනෑම පෝස්ට් එකක් ඇඩ්මින් මඬුල්ලේ සාමූහික තීරණයකට අනුව ඉවත් කිරීම සඳහා ඇඩ්මින් මඬුල්ල සතු “පූර්ණ හිමිකම“ අභියෝගයට ලක් කළ නොහැකිවේ.

4. Questions පලකිරීම


 

  1. නිශ්චිත පිළිතුරු සංඛ්‍යාවක් ඇති ගැටලු ඇසීම සඳහා සහ කිසියම් කරුණක් පිළිබඳ අදහස් විමසීම්, ක්ෂේත්‍රයට අදාල වන සමීක්ෂණ සඳහා Questions පහසුකම භාවිතා කළ හැක.
  2. නිශ්චිත කෙටි පිළිතුරු නොමැති ගැටලු සඳහා Qeustions භාවිතා නොකළ යුතුය. ඒ සඳහාඉහත අංක 03හි සඳහන් කරුණු වලට යටත්ව Wall Posts භාවිතා කළ යුතුය.
  3. සාමාජිකයෙකු විසින් අසන Question එකක් පිළිබඳ “පූර්ණ වගකීම“ එම සාමාජිකයා සතුවේ.
  4. සමූහයේ ක්‍රමවත් භාවයට හානියක් වන ඕනෑම Question එකක් ඇඩ්මින් මඬුල්ලේ සාමූහික තීරණයකට අනුව ඉවත් කිරීම සඳහා ඇඩ්මින් මඬුල්ල සතු “පූර්ණ හිමිකම“ අභියෝගයට ලක් කළ නොහැකිවේ.

5. Links පලකිරීම




  1. සාමාජිකයෙකු විසින්  අසා ඇති ගැටලුවකට පිළිතුරක් යම් වෙබ් අඩවියක හෝ බ්ලොග් අඩවියක ඇත්නම් එම Link එක කමෙන්ටුවක් ලෙස යෙදිය හැක.
  2. අනෙකුත් සාමාජිකයින්ටත් වැදගත් වන තොරතුරක් හෝ ලිපියක් යම් වෙබ් අඩවියක හෝ බ්ලොග් අඩවියක ඇත්නම් එම තොරතුරෙන් කොටසක් සමග Link එක Wall Post එකක් ලෙස යෙදිය හැක.
  3. මාතෘකාවක් යටතේ ලියූ ‘සම්පූර්ණ ලිපියක්‘ සමග මූලාශ්‍රයේ Link එක DOC එකක් අවසානයේ හෝ මුලින් යෙදිය හැක.
  4. Link එක පමණක් Wall Post එකක් ලෙස හෝ Doc එකක් ලෙස හෝ Photo එකක Caption එකක් ලෙස පල නොකළ යුතුය.
  5. එකම Link එක අවධානය යොමුකරවා ගැනීමේ අරමුණින් නැවත නැවත පල නොකළ යුතුය.
  6. ෆේස්බුක් ගෘප්, පේජ්, ප්‍රොෆයිල්ස් වල ලින්ක් පිළිවෙලින් සාමාජිකයින් අද්දවාගැනීමේ, ලයික්ස් ලබාගැනීමේ, මිතුරු ඇරයුම් ලබාගැනීමේ අරමුණින් පළ නොකළ යුතුය.
  7. සාමාජිකයින්ට හානිදායක වන දේ ඇතුළත් Links පල නොකළ යුතුය. එය සාමාජිකත්වය ස්ථිර තහනමකට ලක් කිරීමට බලපාන හේතුවක් වේ.
  8. සාමාජිකයෙකු විසින් පල කරන Links පිළිබඳ “පූර්ණ වගකීම“ එම සාමාජිකයා සතුවේ.
  9. සමූහයේ ක්‍රමවත් භාවයට හානියක් වන ඕනෑම Link එකක් ඇඩ්මින් මඬුල්ලේ සාමූහික තීරණයකට අනුව ඉවත් කිරීම සඳහා ඇඩ්මින් මඬුල්ල සතු “පූර්ණ හිමිකම“ අභියෝගයට ලක් කළ නොහැකිවේ.

6. Photos සහ Photo Albums



  
  1. සාමාජිකයින්ට ඇතිවන ගැටලු විසඳා ගැනීම සඳහා Screen Shots පලකිරීමට අවශ්‍ය නම් Photos භාවිතා කළ හැක. මෙහිදී ගැටලුව අදාල Photo එකෙහි Caption එක ලෙස සඳහන් කළ යුතුය.
  2. යම් මෘදුකාංග හෝ දෘඪාංග පිළිබඳ තොරතුරු සාමාජිකයින්ට දැන්වීම සඳහා Photos භාවිතා කළ හැක. මෙහිදී අදාල මෘදුකාංගය හෝ දෘඪාංගය පිළිබඳ තොරතුරු Photo එකෙහි Caption එක ලෙස යෙදිය යුතුය.
  3. කිසියම් තේමාවක් යටතේ සැලසුමක් ඇතිව තොරතුරු ගොනුකිරීම සඳහා පමණක් Photo Albums භාවිතා කළයුතුය. ගැටලු විමසීම සඳහා Photo Albums භාවිතා නොකළ යුතුය.
  4. සාමාජිකයින් විසින් කිසිදු විටෙකත් තම පුද්ගලික ඡායාරූප, ගැටලුවකට හෝ තොරතුරු බෙදාගැනීමකට අදාල නොවන Photos (හුදු ප්‍රදර්ශන අරමුණින් එකතු කරන තම තමන්ගේ desktop Screen Shots, Internet/Download Speeds යනාදිය) සමූහයේ Photos වෙත එකතු නොකළ යුතුය.
  5. සාමාජිකයෙකු විසින් පල කරන Photos පිළිබඳ “පූර්ණ වගකීම“ එම සාමාජිකයා සතුවේ.
  6. සමූහයේ ක්‍රමවත් භාවයට හානියක් වන ඕනෑම Photo/Album එකක් ඇඩ්මින් මඬුල්ලේ සාමූහික තීරණයකට අනුව ඉවත් කිරීම සඳහා ඇඩ්මින් මඬුල්ල සතු “පූර්ණ හිමිකම“ අභියෝගයට ලක් කළ නොහැකිවේ.

7. Video Upload කිරීම



  1. සාමාජිකයෙකුට යම් ගැටලුවක් ඇසීම සඳහා දෘශ්‍ය මාධ්‍යයක උදවු අවශ්‍ය නම් ඒ සඳහා Videos භාවිතා කළ හැක.
  2. සාමාජිකයෙකුට පරිගණක උදවු මූලික අරමුණට අනුකූල වන ඕනෑම දෙයක් පිළිබඳ අනෙකුත් සාමාජිකයින්ට ඉගැන්වීමේ අරමුණින් Videos භාවිතා කළ හැක.
  3. සාමාජිකයෙකු විසින් කිසිදු විටෙක සමූහයේ අරමුණට අදාල නොවන Videos පල නොකළ යුතුය.
  4. සාමාජිකයෙකු විසින් පල කරන Videos පිළිබඳ “පූර්ණ වගකීම“ එම සාමාජිකයා සතුවේ.
  5. සමූහයේ ක්‍රමවත් භාවයට හානියක් වන ඕනෑම Video එකක් ඇඩ්මින් මඬුල්ලේ සාමූහික තීරණයකට අනුව ඉවත් කිරීම සඳහා ඇඩ්මින් මඬුල්ල සතු “පූර්ණ හිමිකම“ අභියෝගයට ලක් කළ නොහැකිවේ.

8. Docs ලිවීම




  1. සාමාජිකයින් විසින් යම් මාතෘකාවක් යටතේ සම්පූර්ණ තොරතුරු/විස්තරයක් ඇතුළත් ලිපි පල කිරීම සඳහා පමණක් Docs භාවිතා කළ යුතුය.
  2. ඩොක් එකක් සැකසීම සඳහා https://www.facebook.com/groups/pariganakaudau/docs/ වෙත පිවිස Create a Dock මත ක්ලික් කරන්න.
  3. වෙනත් තැන් වලින් උපුටාගත් ලිපි පල කිරීමේදී මූලාශ්‍ර සහ ආශ්‍රිත ලිපි සඳහා වන Links Doc එක අවසානයේ හෝ ආරම්භයේදී සඳහන් කළ යුතුය.
  4. ගැටලු යොමුකිරීම සඳහා කිසිසේත්ම Docs භාවිතා නොකළ යුතුය. එවැනි අවස්ථාවකදී එම Docs ඉවත් කෙරෙනු ඇත.
  5. විස්තරයකින් කොටසක් සමග සම්පූර්ණ විස්තරය කියවීමට වෙනත් වෙබ් අඩවියක හෝ බ්ලොග් අඩවියක ලින්ක් එකක් දැමීමේදී සහ ඉතා කෙටි තොරතුරු (සමග Tricks, Tips යනාදිය) පල කිරීම සඳහා Docs භාවිතා නොකළ යුතුය. ඒ සඳහා ඉහත අංක 03හි සඳහන් කරුණු වලට යටත්ව Posts පාවිච්චි කළ යුතුය.
  6. මුදල් උපයාගැනීමේ අරමුණින් Reference Links සහිතව හෝ රහිතව පල කරන ඩොක් (පෝස්ට් සහ අනෙකුත් පලකිරීම් මාදිලි වලටද අදාල වේ) දැනුම්දීමක් ඇතිව හෝ නැතිව ඉවත්කිරීමේ බලය ඇඩ්මින්වරුන් සතුය.
  7. වෙනත් අයෙකු විසින් ලියන ලද Doc එකක් විකෘති කිරීමේ අදහසින් කිසිදු වෙනස් කිරීමක් නොකළ යුතුය. එසේ වෙනස් කරන තැනැත්තා හට සමූහයේ සාමාජිකත්වය ස්ථිර තහනමකට ලක් කෙරෙනු ඇත.
  8. සාමාජිකයෙකු විසින් පල කරන Doc එකක් පිළිබඳ “පූර්ණ වගකීම“ එම සාමාජිකයා සතුවේ.
  9. සමූහයේ ක්‍රමවත් භාවයට හානියක් වන ඕනෑම Doc එකක් ඇඩ්මින් මඬුල්ලේ සාමූහික තීරණයකට අනුව ඉවත් කිරීම සඳහා ඇඩ්මින් මඬුල්ල සතු “පූර්ණ හිමිකම“ අභියෝගයට ලක් කළ නොහැකිවේ.

9. Events


 

  1. සාමාජිකයින් විසින් සංවිධානය කරනු ලබන යම් යම් විශේෂ අවස්ථා සඳහා Events පහසුකම භාවිතා කළ හැක. මෙහිදී එම Event එක Admin මිතුරු මිතුරියන්ගේ අනුමැතිය මත නිර්මාණය කළ යුතුය.
  2. කිසිදු කරදරකාරී වැඩසටහන්, ස්පෑම්, ප්‍රචාරාත්මක දේ සඳහා Events කිසිසේත් භාවිතා නොකළයුතුය.
  3. සාමාජිකයෙකු විසින් පල කරන Event එකක් පිළිබඳ “පූර්ණ වගකීම“ එම සාමාජිකයා සතුවේ.
  4. සමූහයේ ක්‍රමවත් භාවයට හානියක් වන ඕනෑම Event එකක් ඇඩ්මින් මඬුල්ලේ සාමූහික තීරණයකට අනුව ඉවත් කිරීම සඳහා ඇඩ්මින් මඬුල්ල සතු “පූර්ණ හිමිකම“ අභියෝගයට ලක් කළ නොහැකිවේ.

10. Comment කිරීම



  1. සාමාජිකයෙකු විසින් අසා ඇති ගැටලුවකට පිළිතුරු දීම සඳහා Comments භාවිතා කළ හැක.
  2. පරිගණක උදවු සමූහය තුළ පූජ්‍ය පක්ෂය, බාල - තරුණ - වැඩිහිටි සියලුම වයස් කාණ්ඩ නියෝජනය වන බැවින් කුමන හෝ දෙයක් පල කිරීමේදී සුහද, විනයගරුක, සභාවකට උචිත භාෂා රටාවක් භාවිතා කිරීමට සාමාජිකයින් විසින් සෑම විටම වග බලා ගත යුතුය. (සුහද ආමන්ත්‍රණය “පරිගණක උදවු“ තුළ විශේෂයෙන් රැකගත යුතු වටිනාකමකි).‍
  3. තමන්ගේ Facebook ගිණුම් හරහා ඉබේ පලවෙන කමෙන්ටු පිළිබඳව සාමාජිකයින් අවධානය යොමු කළ යුතුය. එවැනි කමෙන්ටු දුටු සැණින් ඉවත් කෙරෙන අතර, දිගින් දිගටම එය සිදුවේ නම් පිටුවේ ක්‍රමවත් බව ගැන සලකා ගැටලුව විසඳාගන්නා තෙක් එවැන්නෙකු තාවකාලික ඉවත් කිරීමකට ලක් කිරීමට සිදුවනු ඇත.
  4. ගැටලුවට අදාල නොවන පිළිතුරු, සාමාජිකයින් අපහසුතාවයට පත්වන විහිලු තහලු, ඍජු පිළිතුරු ඇතුළත් නොවන ලින්ක් යනාදිය පළ නොකළ යුතුය.
  5. සාමාජිකයෙකු විසින් කරන Comment කිරීමක් පිළිබඳ “පූර්ණ වගකීම“ එම සාමාජිකයා සතුවේ.
  6. සමූහයේ ක්‍රමවත් භාවයට හානියක් වන ඕනෑම Comment එකක් ඇඩ්මින් මඬුල්ලේ සාමූහික තීරණයකට අනුව ඉවත් කිරීම සඳහා ඇඩ්මින් මඬුල්ල සතු “පූර්ණ හිමිකම“ අභියෝගයට ලක් කළ නොහැකිවේ.

11. Search කිරීම


 


  1. කිසියම් සාමාජිකයෙකුට පරිගණක උදවු Wall Posts තුළ යමක් සෙවීමට අවශ්‍ය නම් පිටුවෙහි දකුණු පස ඉහළ කෙළවරේ ඇති Group Search පහසුකම ඒ සඳහා භාවිතා කළ හැක.
  2. සිංහල භාෂාවෙන් සෙවුම් කිරීම සඳහා සිංහල යුනිකේත අක්ෂර භාවිතා කරන්න.

12. Notofications



 


  1. සාමාජිකයෙකුට ගෘප් Notofications පැමිණීම පිටුවේ දකුණු පස ඉහළ ඇති Notifications වෙත පිවිස එහි ඇති Settings මගින් පාලනය කළ හැක.
  2. මෙහිදී ඔබට ප්‍රයෝජනවත් ආකාරයකට ඔබ විසින් එම සැකසුම් සකසා ගැනීම සුදුසුය.

13. පල කළ දෑ ඉවත් කිරීම්


 


පහත සඳහන් කරුණු සපුරාලන ඕනෑම පලකිරීමක් පූර්ව දැනුම් දීමක් ඇතිව හෝ නැතිව ඉවත් කෙරෙනු ඇත.
  1. Virus,Spamming හෝ වෙනත් කරදරකාරී වැඩසටහන් ඇතුළත් වීම
  2. සභාවකට නුසුදුසු වචන ඇතුළත් වීම
  3. පුද්ගලයින්, කණ්ඩායම් ඉලක්ක කරගත් අපහාසාත්මක දේ අඩංගු වීම
  4. අදාල නැති වීම
  5. කෙටි කාලසීමාවක් තුළ නැවත නැවත පලවීම
  6. මූලික අරමුණ ප්‍රචාරණය වීම
  7. “කාලය නාස්ති වීම පමණක් සිදුවන“ අනවශ්‍ය මතගැටුම් වලට තුඩු දීම
  8. සමූහයේ ක්‍රමවත් භාවයට හානියක් වන ඕනෑම පලකිරීමක් (Post, Photo, Album, Doc, Link, Comment, Event, Video) ඇඩ්මින් මඬුල්ලේ සාමූහික තීරණයකට අනුව ඉවත් කිරීම සඳහා ඇඩ්මින් මඬුල්ල සතු “පූර්ණ හිමිකම“ අභියෝගයට ලක් කළ නොහැකිවේ.

14. සාමාජිකත්වය අහෝසි කිරීම



  1. පරිගණක උදවු සමූහය වෙත එකතුවන කිසිදු සාමාජිකයෙකු ඉවත් නොකෙරෙන නමුත් ඇතැම් අවස්ථාවලදී හැසිරීම සහ විනය මත පදනම්ව බහුතරයකගේ යහපත උදෙසා අවස්ථානුකූලව දැනුම් දීමක් ඇතිව හෝ නැතිව ඉවත් කිරීම් සිදු කෙරෙනු ඇත.
  2. සාමාජික සංඛ්‍යාව සැලකූ විට පුද්ගලික දැනුම්දීම් සිදුකරීම අපහසු නිසාත් පිළිගත හැකි භාවිත ප්‍රතිපත්තිය මෙහි දක්වා ඇති නිසාත් පූර්ව දැනුම්දීමකින් තොරව ඉවත්කිරීමේ බලය ඇඩ්මින්වරුන් සතුය.
  3. සමූහයේ ක්‍රමවත් භාවයට හානිය කරන ඕනෑම සාමාජිකයෙකු ඉහත 3 - 10 සහ 13 සඳහන් කරුණු වලට 100%ක් අනුකූලව, ඇඩ්මින් මඬුල්ලේ සාමූහික තීරණයකට අනුව ඉවත් කිරීම සඳහා ඇඩ්මින් මඬුල්ල සතු “පූර්ණ හිමිකම“ අභියෝගයට ලක් කළ නොහැකිවේ.

15. සමූහයෙන් බැහරව යාම


 

  1. මිතුරෙකු විසින් එකතු කරනු ලැබූ  යම් සාමාජිකයෙකුට මෙම සමූහයෙන් සේවයක් නොලැබෙන බව සිතේ නම් හෝ, වෙනත් ඕනෑම කරුණක් නිසා සමූහය හැර යායුතු නම් ඒ සඳහා පිටුවේ දකුණු පස සාමාජික ලැයිස්තුවට ඉහළින් ඇති දැතිරෝදයක සලකුණ මත ක්ලික් කොට Leave Group මගින් සමූහයෙන් ඉවත්ව යා හැක.
  2. කිසියම් සාමාජිකයෙකු එසේ ඉවත්ව ගිය පසු එම සාමාජිකයා විසින්ම නැවත ඉල්ලීමක් කිරීමෙන් හැර, සමූහය තුළ සිටින කිසිවෙකුට එම සාමාජිකයා නැවත එකතු කළ නොහැකි වනු ඇත.
  3. පුද්ගලික අමනාපකම් වැනි දේ නිසා සමූහය හැර යයි නම් පළමුව සමූහයෙන් ඔබට සිදුවන සේවාව පිළිබඳ සිතා බලා බුද්ධීමත්ව තීරණයකට එළැඹීම සුදුසුය.

16. සැලකිය යුතුයි!



නිර්වචන -
  1. “ක්‍රමවත් භාවයට හානි වීම“ යනු ඉහත සඳහන් පිළිගත හැකි හැසිරීම්* කඩවන ඕනෑම අවස්ථාවක් වේ.
  2. “පිළිගත හැකි හැසිරීම“ යනු ඉහත සඳහන් මාර්ගනිර්දේශයන්ට අනුකූලව කටයුතු කිරීම වේ.
  3. "පූර්ණ වගකීම" යනු අදාල කාරණය සම්බන්ධ සියලු දේ පිළිබඳ වගකීම වේ.
  4. “පූර්ණ හිමිකම“ යනු අදාල කාරණය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය සහ පූර්ණ නිදහස වේ.

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

සැලකිය යුතුයි -
  • සමූහයේ ක්‍රමවත් භාවයට හානියක් වන ඕනෑම අවස්ථාවකදී ඉහත 3 - 10 සහ 13 සඳහන් කරුණු වලට 100%ක් අනුකූලව, ඇඩ්මින් මඬුල්ලේ සාමූහික තීරණයකට අනුව තීරණ ගැනීම සඳහා ඇඩ්මින් මඬුල්ල සතු “පූර්ණ හිමිකම“ අභියෝගයට ලක් කළ නොහැකිවේ.
  • සාමාජිකයින් වෙනත් සමූහ තුළදී පරිගණක උදවු  හා සම්බන්ධ Post, Photo, Album, Doc, Link, Comment, Event, Video ආදිය පල කිරීම සම්බන්ධයෙන් පරිගණක උදවු ඇඩ්මින් මඬුල්ල වගකියනු නොලැබේ. එහිදි ඒ සම්බන්ධයෙන් එම සමූහ තුළ සුදුසු පරිදි තීරණ ගැනීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා එම සමූහ වල ඇඩ්මින්වරුන්ට ඇති හිමිකමට ගරු කරමු.
  • පරිගණක උදවු මාර්ගනිර්දේශ යනු පරිගණක උදවු තුළ ආරම්භයේ පටන් ගොඩනැගුණු පරිගණක උදවු වලටම ආවේණික වූ සංස්කෘතිය වන බැවින්, වෙනත් සමූහ සමග සසඳමින් මෙහි සඳහන් කරුණු අභියෝගයට ලක් කිරීම නිශ්ඵල වේ.
  • සියලුම පරිගණක උදවු සාමාජිකයින් විසින් සමූහයේ සාමාජිකත්වය ලබාගැනීම/ ලැබීම සමඟ ඔවුන් පහත මාර්ග නිර්දේශ මාලාවේ අන්තර්ගත සියලුම කරුණු පිළිපැදීමට එකඟවන බවට උපකල්පනය කෙරේ.
  • ඉහතින් සඳහන් වන්නේ කිසිදු ආකාරයක නීති පද්ධතියක් නොවන බවත් ඉහළ ප්‍රමිතියකින් හා එකමුතු කමකින් යුතුව ඔබේම පරිගණක උදවු පිටුව ඉදිරියට ගෙනයාම සඳහා ඔබ විසින් සහයෝගය දැක්විය යුතු ආකාරයන් පමණක්ම බවත් අවධාරණය කරනු කැමැත්තෙමු.
  • සාමාජිකත්වය ලැබූ සියල්ලන්ම ඉහත සඳහන් මාර්ග නිර්දේශයන් අනුගමනය කිරීම ඉතා අගය කොට සලකන අතර එය සමස්ත සමූහයේම හිත සුව පිණිස හේතු වනු ඇත.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

                                                  ස්තුතියි!
                            ෴පරිගණක උදවු Admin මිතුරු කැල෴
- ශ්‍රී ලංකාවේ පළමු ෆේස්බුක් පරිගණක උපකාරක සමූහය -
 .අපි පරිගණක උදවු.
 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬