1. හැඳින්වීම

පහත සඳහන් වනුයේ පරිගණක උදවු සාමාජිකයෙකු ලෙස ඔබගේ අවධානය යොමු විය යුතු අංශ පිළිබඳ මාර්ග නිර්දේශයන් වේ.

එක් එක් කරුණු පිළිබඳව සාමාජිකයින් සියලු දෙනාටම පුද්ගලිකව දැනුම්දීමේ හැකියාවක් නොමැති හෙයින් පහත සඳහන් කරුණු කෙරෙහි ඔබේ අවධානය යොමුකොට ඒ අනුව කටයුතු කිරීමෙන් ඇතිවිය හැකි අපහසුතාවයන් වළකාගැනීමටත්, ස්වයං විනයක් ඇතිකරගැනීමටත් කාරුණික වන්න.

පහත සඳහන් පිළිගත හැකි හැසිරීම් කඩවන ඕනෑම අවස්ථාවකදී, එවැනි සාමාජිකයින් සමූහය තුළ රඳවාගැනීම ඉවත්කිරීම හෝ සාමාජිකත්වය තහනම් කිරීම පිළිබඳව තීරණ ගැනීම සඳහා පරිගණක උදවු ඇඩ්මින් මඬුල්ල සතු “පූර්ණ හිමිකම“ අභියෝගයට ලක් කළ නොහැක.

සියලුම පරිගණක උදවු සාමාජිකයින් විසින් සමූහයේ සාමාජිකත්වය ලබාගැනීම/ ලැබීම සමඟ ඔවුන් පහත මාර්ග නිර්දේශ මාලාවේ අන්තර්ගත සියලුම කරුණු පිළිපැදීමට එකඟවන බවට උපකල්පනය කෙරේ.


  
 පරිගණක උදවු ගැන කෙටි හැඳින්වීමක්

  • පරිගණක උදවු යනු ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ ඇති විවෘත සමූහයකි (Open Group). 
  • මෙය ආරම්භ වූයේ 2011 මාර්තු මස 15 වැනි දින ය. 
  • පරිගණක උදවු හි මූලික අරමුණ පරිගණක දෘඪාංග සහ මෘදුකාංග භාවිතයේදී ඇති වන ගැටලු වලට පිළිතුරු ලබාදීම සහ ඒ ආශ්‍රිත දැනුම හුවමාරු කරගැනීමය.
  • මෙම Link එක භාවිතා කොට පරිගණක උදවු වෙත පැමිණිය හැක:  http://www.facebook.com/groups/pariganakaudau
  • පරිගණක උදවු පරිපාලක මඬුල්ල සඳහා පහත සබැඳිය වෙත පිවිසෙන්න.: https://www.facebook.com/groups/pariganakaudau/admins 
  • පරිගණක උදවු නිල රසික පිටුව වෙත පිවිසීමට පහත සබැඳිය භාවිතා කරන්න. https://www.facebook.com/pariganakaudavu
  • පරිගණක උදවු ඩොක් එකතුව (BLOG)වෙත පිවිසීම සඳහා මෙම සබැඳිය භාවිතා කරන්න. http://www.pariganakaudavu.blogspot.com

  • පරිගණක උදවු මේ වර්ගයේ Facebook සමූහ අතර පුරෝගාමීත්වයක් උසුලන්නේ පහත හේතු නිසාය.
  1. සාමාජිකයින් අතර පවතින සුහද ආමන්ත්‍රණය
  2. සාමාජිකයින් සතු මනා විනය
  3. සාමාජිකයින් තුළ ඇති එකිනෙකාට උදවු කිරීමේ ආකල්පය
  4. සමූහය කෙරෙහි යුතුකම් ඉටුකිරීම සහ සමූහයට ඇති පක්ෂපාතී බව හා එකමුතුකම
  5. නව්‍යකරණය

  • මෙම වටිනාකම් රැක ගනිමින් පරිගණක උදවු මූලික අරමුණ ඉටු කරගැනීම සඳහා හැමවිටම ඔබේ සහයෝගය ඉතා අගය කොට සලකමු .